අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාන්ඩ මෙරටට ආනයනය කරන ආනයනකරුවන් දැඩි අර්බුදයකට ලක්ව සිටිනවා. ඒ භාණ්ඩ ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් නොමැතිකම හේතුවෙනි. භාණ්ඩ වර්ග රැසක් ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කිරීම අත්හිටුවීමට මහ බැංකුව පසුගියදා පියවර ගත් අතර මේ නිසා එම භාණ්ඩ ආනයන කරන අවස්ථාවේදීම මුදල් ගෙවීමට සිදුව තිබෙනවා.
කෙසේ නමුත් ආනයනය කටයුතු සඳහා අවශ්‍ය ඩොලර් නිකුත් කිරීම බැංකුවලින් හැකිතරම් සීමා කර ඇති අතර මහ බැංකුව විසින් නියම කර ඇති මුදලට වඩා සැළකිය යුතු මට්ටමේ රුපියල් ප්‍රමාණයක් ඩොලර් වෙනුවෙන් ගෙවීමටද සිදුව තිබෙනවා.
මෙම තත්වය මත මෙරටට ආනයනය කර කොළඹ වරායේ ගුදම්වල ගබඩා කර ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පවා නිදහස් කර ගැනීමට නොහැකි වී ඇති බවයි ආනයනකරුවන් පවසන්නේ. පසුගිය මාස 03 ක පමණ කාලය තිස්සේ ආනයනය කළ අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් කන්ටේනර් 1300 කට වැඩි ප්‍රමාණයක් මෙලෙස වරායේ ගුදම්වල සිරවී තිබෙන බව ආනයනකරුවන් පෙන්වා දෙනවා.
එම කන්ටේනර් නිදහස් කර ගැනීමට ප්‍රමාදවීම හේතුවෙන් ප්‍රමාද ගාස්තු ගෙවීමටද සිදුව ඇති අතර මෙම තත්වය මත භාණ්ඩ ආනයනය වෙනුවෙන් අතිරේකව මුදල් වැය කිරීමටද සිදුව තිබෙනවා.
(LNW)