කොවිඩ් සමග ඒඩ්ස් රැල්ලකුත් එයි
කොවිඩ් වසංගතය පහව යාමත් සමග එච්අයිවී රෝගීන්ගේ වැඩි වර්ධනයක් පෙන්නුම් කිරීමේ අවදානමක් පැවතිය හැකි යැයි එච්අයිවී ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කරයි.
කොවිඩ් වසංගතයත් සමග නිවසට කොටු වූ තරුණ පිරිස අන්තර්ජාලයේ වැඩි කාලයක් ගත කිරීම හා එමගින් විවිධ ලිංගික චර්යාවන්ට යොමුවීම වැඩිවී ඇතැයි මේ වන විට තොරතුරු අනාවරණය වෙමින් පවතින බව ඇය සඳහන් කළාය.
ඒ අනුව මෙම තරුණ කොටස් අවදානම් සහගත ලිංගික හැසිරීම්වල යෙදුණහොත් එච්අයිවී ඇතුළු ලිංගික රෝග බෝවීමේ වැඩි අවදානමක් පවතින බව පැවසේ. එමෙන්ම ලිංගික සායනයන් වෙත නොපැමිණීම හේතුවෙන් හා නිරෝධායන කාලයේ සායනයන්ට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් බොහෝ පිරිසක් මේ වන විට සමාජයේ සිටිය හැකි බවද වෛද්‍ය රසාංජලී සඳහන් කරයි.
‘Know4shuwar’ වෙබ් පිටුව වෙත පැමිණීමෙන් ලිංගාශ්‍රිත රෝග සම්බන්ධයෙන් දැනුවත් වීම හා තමන්ට අවශ්‍ය සියලුම තොරතුරු ලබා ගත හැකි බව පැවසේ.
(Aruna)