Wednesday, September 24, 2025
Follow Us
හෙට සියලු ප්‍රධාන රෝහල් ඉදිරිපිට විරෝධතා

සෞඛ්‍ය සේවකයින්ගේ ඉල්ලීම් පහ මෙන්න


ඉල්ලීම් පහක් මුල් කරගනිමින් හෙට (22) සියලු ප්‍රධාන රෝහල් ඉදිරිපිට විරෝධතා පැවැත්වෙන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි පැවැසුවේ කොළඹ ජාතික රෝහල ඉදිරිපිටින් දහවල් 12 ට මෙම උද්ඝෝෂණය ආරම්භ කරන බවය.
එම වේලාවටම සියලුම රෝහල් ඉදිරිපිට මෙම විරෝධතා පැවැත්වෙන බවද උන්වහන්සේ කීහ.
මෙම උද්ඝෝෂණ මාලාවෙන් පසුවද තම ඉල්ලීම්වලට නිසි පිළිතුරක් රජයෙන් ලබා නොදෙන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමු වීමට දෙවරක් නොසිතන බවද උන්වහන්සේ කියා සිටියහ.

සුගතානන්ද හිමියන් පෙන්වා දෙන්නේ සෞඛ්‍ය සේවකයන්ගේ ප‍්‍රවාහන ගැටලු, සියලු සෞඛ්‍ය සේවකයන්ට කොවිඩ් අවදානම් දීමනාව නැවත ලබාදීම, සේවක හිඟයට පිළියම් ලබාදීම, අග්‍රහාර දීමනාව ලබාදීම සහ දින 180 සම්පූර්ණ කළ ආදේශක සේවකයන් ස්ථිර කිරීම යන ඉල්ලීම් මුල් කරගනිමින් මෙම විරෝධතාව පවත්වනු ලබන බවය.

(Aruna)