Wednesday, September 24, 2025
Follow Us
කොවිඩ් එන්නත ගත්තේ නැති අයට විශේෂ නිවේදනයක්

එන්නත ලබා දෙන අන්තිම දිනය අත ළග බව විශේෂඥ වෛද්‍යවරයා කියයි


එන්නත්කරණය ආරම්භ කර වසරකට ආසන්න කාලයකට ළගා වෙමින් තිබෙන නිසා ඉදිරියේදී ඇතැම් විට බූස්ටර් ඩෝස් එකක් ලබා දීමට සිදු වුවහොත් දැනට පවතින එන්නත්කරණ වැඩපිළිවෙල සීමා කිරීමට සිදු වන බැවින් වහ වහා පැමිණ එන්නත ලබා ගන්නා ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මේ වන විට නිවෙස් සමීපයට පැමිණ කරන එන්නත්කරණය ඉදිරියේදී ප්‍රධාන මධ්‍යස්ථාන කීහිපයක පමණක් සිදු කිරීමට සිදු වන බවත් ඒ සඳහා වුවත් කොයිතරම් දුරට කාලය හා ශ්‍රමය වැය කරන්න පුළවන් වෙයිද යන් පිළිබඳ කිව නොහැකි බවත් ඔහු පවසනවා.

මේ සියල්ල පිළිබඳ අවධානය යොමු කර හැකි ඉක්මනින් එන්නත ලබා ගන්නා ලෙස ඔහු සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

(Aruna)