රාජකීය වෛද්‍යවරයෙකුගේ සමුගැනීම
කොවිඩ් ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී වෛද්‍ය එලියන්ත් වයිට් ඊයේ (22 වැනිදා) අභාවප්‍රාප්ත විය.
ඔහුට ශ්වසන ආධාර යන්ත්‍රයක ප්‍රතිකාර ලබාදීම සඳහා කරාපිටිය රෝහල වෙත යොමු කිරීමටද නියමිතව තිබුණි.
අගමැති මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික වෛද්‍යවරයකු ලෙසද වෛද්‍ය එලියන්ත් වයිට් කටයුතු කළේය.
විශ්ව ශක්තියෙන් රෝගීන් සුවකරන අයෙකු ලෙසද ඔහු ප්‍රසිද්ධව සිටි අතර ආධ්‍යාත්මික බලයෙන් ප්‍රතිකාර කළ අයෙකු ලෙස ප්‍රකට විය.
ඔහු පසුගිය සමයේ මුට්ටි වලට මතුරා අමාත්‍යවරුන් සමග එකතුව ගංගාවල පා කරමින් කොරෝනා තුරන් කිරීමට වෙහෙසුනි.
දෙස් විදෙස් ව්‍යාපාරිකයන් ක්‍රීඩකයන් ඇතුළු විශාල පිරිසකට කුණ්ඩලනි යෝගය ඇතුළු විශ්ව ශක්තියෙන් රෝගවලට ප්‍රතිකාර කළ හැකි යැයි සිතූ ඔහු කොවිඩ් මර්දන එන්නත ලබාගෙන නොමැති බවටද තහවුරු නොකළ ආරංචි මාර්ග සනාථ කර තිබේ.
(Aruna)