Wednesday, September 24, 2025
Follow Us
එවරස්ට් යන ලංකාවේ ක්‍රීඩකයින් දෙන්නෙක් නේපාලයට

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක් ඉදිරියේදී නේපාලයට


නේපාලයේදී ක්‍රියාත්මක වීමට නියමිත එවරස්ට් ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන් අතරින් ධම්මික ප්‍රසාද් සහ උපුල් තරංග මේ වනවිට නේපාලයට ළඟා වී තිබේ.

ග්ලැඩියේටර්ස් ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරන තරංග සහ ධම්මික නේපාලයට ළඟාවූ බවට දැක්වෙන ඡායාරූපයක් පළ කර තිබුණු අතර මෙම තරගාවලියට සහභාගි වන තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක් ඉදිරියේදී නේපාලයට ළඟාවීමට නියමිතය. එම ක්‍රීඩකයන් අතරින් ඩිල්ෂාන් මුණවීර බිරට්නාගාර් වොරියර්ස් කණ්ඩායම නියෝජනය කරන අතර සීකුගේ ප්‍රසන්න චිත්වන් ටයිගර්ස් කණ්ඩායම නියෝජනය කරයි.
ලලිත්පූර් පෙට්ට්‍රස් කණ්ඩායම සඳහා ශ්‍රී ලංකාවේ සඳුන් වීරක්කොඩි සහ ඕෂධ ප්‍රනාන්දු ක්‍රීඩා කිරීමට නියමිත අතර පොක්හාරා රයිනොර්ස් කණ්ඩායම වෙනුවෙන් අසේල ගුණරත්න සහ සහන් ආරච්චිගේ තරග කිරීමට නියමිතය.

මෙම තරගාවලිය සඳහා සහභාගි වීමට නියමිතව සිටි දිනේෂ් චන්දිමාල්ට ඕමාන ක්‍රිකට් සංචාරය ඉලක්ක කර ගනිමින් පිහිටුවා ඇති ජෛව බුබුළ හේතුවෙන් අදාළ ප්‍රිමියර් ලීගය අහිමි වන බවට වාර්තා වේ. මෙම තරගාවලිය එළැඹෙන සැප්තැම්බර් 25 වැනිදා ආරම්භ වීමට නියමිතය.

(Aruna)