වී ගොවීන් සිය වගා බිම් ප්‍රමාණයෙන් සියයට 30 කට ආසන්න ප්‍රමාණයක් ඉදිරියේදී වගා නොකර ඉවත් කරනු ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා.
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන පන්දුවාර 20 ක්‍රිකට් තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙනවා.
දෛනික ආදායම අහිමි වූ පුද්ගලයන්ට රුපියල් දෙදහසේ දීමනාව බෙදාදීම වැඩපිළිවෙල හරහා ග්‍රාම නිලධාරීන්ට කොරෝනා වෛරසය ආසාදනයවීමේ ඉහළයාමක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය පවසනවා. එහි සභාපති ඩබ්ලිව් ජී කමල් කිත්සිරි පැවසුවේ සිය සාමාජිකයින් 500 දෙනෙකුට පමණ මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම අන්තර් හුවමාරුවේ කාර්යාලයේ තිබු රුපියල් ලක්ෂ 14 ක මුදලක් අතුරුදන් වී තිබෙනවා.
කොවිඩ් වසංගතය හමුවේ පීඩා විදින පුද්ගලයන්ගේ මානසික තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් සෞන්දර්යාත්මක වැඩසටහනක් අද සිට ආරම්භ වනවා.
මෙරටින් ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 2, 842 දෙදෙනෙකු හඳුනා ගැනුණා. ඒ අනුව මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන හාරලක්ෂ 80, 478 ක්. ඒ අතරින් හාරලක්ෂ 9, 628 දෙනෙකු මේවනවිටත් පූර්ණ සුවය ලබා තිබෙනවා. මෙරට තුළ මේවනවිට සක්‍රීයව සිටින කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 59, 855 ක්.
People are now living in a mesmerised atmosphere due to the vaccination festival, as such they do not realize about following basic health guidelines, the Public Health Inspectors (PHI) Union said.
ශ්‍රී ලංකා කණ්ඩායම සමග කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති පළමු 20 යි 20 ක්‍රිකට් තරගය ලකුණු 28 කින් ජය ගැනීමට සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ සමත්වුණා.
‘Manike Mage Hithe’ sung by young artiste Yohani De Silva has created history in Sri Lanka as her song been viewed by over 100 million users on YouTube.
ඉදිරියේදී සහල් හිගයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි සහල්මෝල් හිමියන් අනතුරු අගවනවා. ඒ, ගොවීන් රජයේ පාලන මිලට වී ලබාදීමට අකමැත්ත ප්‍රකාශ කිරීම හේතුවෙන්. සහල් මෝල් හිමියන් පවසන්නේ වී තොග නොලැබීම හේතුවෙන් ඉදිරියේදී පාලන මිලට සහල් ලබාදීමට නොහැකි වනු ඇති බවයි.
වයස අවුරුදු 60ට වැඩි පිරිසට කොවිඩ් එන්නත්කරණයේදී ප්‍රමුඛතාවය ලබාදෙන ලෙස විශේෂඥයින් නිර්දේශ කර තිබියදීත් එම තාක්ෂණික උපදෙස් නොතකා එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වූ බවත් මේ සිදුවූ කොවිඩ් මරණවලින් බහුතරයක වගකීම එසේ තාක්ෂණික තීරණ වලින් පරිබාහිරව කටයුතු කළ පුද්ගලයින් විසින් බාරගත යුතුව ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
The present lockdown will be of no use if public movement are properly curtailed, Public Health Inspectors Union (PHIU) claimed.
අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සදහා පනවා ඇති දැඩි සීමා හේතුවෙන් ඉදිරියේදී එම භාණ්ඩවල මිල ඉහළ යනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් අනුමාන කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ දැනටමත් අදාළ භාණ්ඩ රැසක් මෙරටට ගෙන්වා ඇති බැවින් ඒවායේ මිල වැඩි කිරීමට ආනයනකරුවන් කටයුතු කරනු ඇති බවයි.
Page 363 of 744