Wednesday, November 12, 2025
Follow Us
ගුරුවරු දැවැන්ත විරෝධතාවයකට සූදානම් වෙයි

ලබන 9 වැනිදා ලිප්ටන් වටරවුම අසළ සිදුවන්න යන දේ


ගුරු – විදුහල්පති විටුප් ප්‍රශ්නයට කඩිනම් විසඳුම් ඉල්ලමින් බස්නාහිර පළාතේ ගුරුවරු සහ විදුහල්පතිවරුන්ගේ සහභාගිත්වයෙන් කොළඹ ලිප්ටන් වටරවුමේදී ලබන 9 වැනිදා දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බව ලංකා ගුරු සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පැවසුවේ ලබන 9 වැනිදා පස්වරු 2.00 ට පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

එදින‍ට ලංකා ගුරු සංගමයේ ඇතුළු ගුරු සහ විදුහල්පති සංගම් රැසක සාමාජිකයන් විශාල සංඛ්‍යාවක් කොළඹට පැමිණීමට නියමිත බව ඔහු පැවසීය.
රජය ගුරු වැටුප් ගැටලුවට විසඳුම් දෙනවා වෙනුවට ප්‍රශ්නය වෙනත් අතකට හැරවීමට උත්සහ කරමින් සිටින බව ද ජෝශප් ස්ටාලින් මහතා වැඩිදුරටත් සදහන් කරයි.

(Aruna)