Wednesday, November 12, 2025
Follow Us
කොරෝනා තිබිච්ච රටක හිටපු බව ජනතාවට අමතක වෙලා. දැන් අපි කියන දේවල් ගණං ගන්නේ නෑ - GMOA

කොවිඩ් වසංගතය දරුණු ලෙස තිබුණු රටක තමන් ජීවත් වූ බව මේ වනවිටත් ජනතාවට අමතක වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි.

"අපට පේන්න තියෙනවා පොදු ප්‍රවාහන සේවා තුළ ජනතාවට ආරක්ෂා සහිතව යන්න පහසුකම් සැපයිලා නෑ. එතකොට කොවිඩ් කාර්ය සාධක බලකාය ගන්න තීරණ ඒ අමාත්‍යාංශ මට්ටමෙන් නිශ්චිතව අධ්‍යනය කරලා ඊට අවශ්‍ය කරන අමාත්‍යාංශය මට්ටමෙන් ලබාදෙන්න ඕනෙ දායකත්වය ලබාදීමේ අඩුපාඩුවක් පේන්න තියෙනවා. විශේෂයෙන්ම ඉදිර්යේදී නව වසර සහ නත්තල් කාලය එනවා. අපට දැනටත් පේන්න තියෙනවා පළාත් සංචරණ සීමා තියෙන කාලෙ පවා විශේෂයෙන්ම විනෝද චාරිකා ස්ථානවලට විශාල ලෙස රැස්වෙනවා. ඒ ස්ථානවල බොහොමයක් අයට කොරෝනා තිබිච්ච රටක හිටපු බව අමතක වෙලා තියෙනවා.

මේ ක්‍රියාවලිය තුළ නැවත වතාවක් රටට ප්‍රභේදයක් ඇවිල්ලා විශාල රැල්ලක් ආවොත් එය ආර්ථිකමය වශයෙන් සහ සමාජීයමය වශයෙන් යම්කිසි පීඩාවකට ලක්වෙන්න සිද්ධ වෙනවා. මේ කොරෝනා නැති කාලෙට කියන දේවල් අපි දන්නවා ජනතාවට විශේෂ වටිනාකමකුත් නෑ. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා මේ මුඛ ආවරණ පැළදීම, විෂබීජහරණ ක්‍රියාවලිය, දුරස්ථභාවය පවත්වාගැනීම, සංචරණය අවම කිරීම කියන කාරණා තව ඉදිරි වසරක් තුළ අපි ඉතාම දැඩිව පිළිපදිනවා නම් අපට හැකියාව ලැබෙනවා වසංගතයෙන් බේරෙන්න"

වෛද්‍ය නවීන් ද සොයිසා මහතා මේ බව පැවසුවේ ඊයේ (03) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

(LNW)