කතරගම දේවාලයෙන් අනතුරු ඇඟවීමක්
පවතින වැසි හේතුවෙන් කතරගම මැණික් ගඟේ ජලය වැඩි වී ඇත. මේ සමග මැණික් ගඟේ විවිධ වූ ස්ථානවල කිඹුලන් ගැවසෙන අතර දිය නෑමේ දී පරිස්සම් වන්නැයි රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිති.
මේ වනවිට මැණික් ගඟේ දැවැන්ත කිඹුලන් 20 කට වැඩි ප්‍රමාණයක් සිටින අතර නාගහවීදිය පාලම, අංක 02 පාලම වැනි ස්ථානවල නිතර මෙම කිඹුලන් සැරිසරන අයුරු දිස්වේ.
සෑම වසරකදීම මැණික් ගඟේ දිය වැඩි වූ විට දී කිඹුලන්ගේ ප්‍රහාරයන්ට ගමේ සහ පිටස්තර ජනයා ලක්වන අතර මඩ පැහැ ජලය මේ දින වල මැණික් ගඟේ දැකිය හැකි බැවින් දැඩි ලෙස පරිස්සමෙන් දිය නාන ලෙස කතරගම පොලිසිය ද බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී.
(Aruna)