Wednesday, November 12, 2025
Follow Us
කසළ ගොඩක තිබී හමුවූ කාන්තා මළසිරුර ගැන තවත් තොරතුරු හෙළිවෙයි

මියගිය කාන්තාව වයස අවු. 35ත් 40ත් අතර පසුවන්නියක්


සපුගස්කන්ද මාබිම මාර්ගය අසල කසළ ගොඩක තිබී සොයාගත් අත්පා ගැටගසා ගමන් මල්ලක බහාලූ කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් තොරතුරු කිහිපයක් මේ වන විට පොලීසිය විසින් සොයාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ අදාළ කාන්තාව අවුරුදු 35ත් 40ත් අතර වයසේ පසුවන්නියක බවට සැකකරන බවයි.

මළ සිරුර බහාලූ ගමන් මල්ල පැදුරකින් ඔතා තිබෙන අයුරුද දක්නට ලැබුණි.

මෙම ස්ථානයෙන් දුඟදක් හමන බවට ලැබුණු තොරතුරක් මත පරික්ෂා කිරීමේදී සිරුර හමුව තිබුණා.
පොලීසිය පැවසුවේ මියගිය කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවය.

මියගිය කාන්තාව කළු සහ රතු වර්ණවලින් යුතු ගවුමකින් සැරසී සිටින අතර මළ සිරුරේ අත්පා ගැටගසා ඇති බව පොලීසිය පැවසීය.

මළ සිරුර දැඩි ලෙස නරක්වී ඇති ආකාරයක් දක්නට ඇති අතර දින 5කට පමණ පෙර ඇය මියගොස් ඇති බවට සැක කෙරෙයි.

එම ස්ථානයට පැමිණි මහර වැඩබලන මහෙස්ත්‍රාත් රමණි සිරිවර්ධන මහත්මිය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකළාය.

අනතුරුව මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා රාගම ශික්ෂණ රෝහල වෙත රැගෙන ගියේය.

(Aruna)