ලොව පුරා හින්දු බැතිමතුන් අද දීපවාලි උත්සවය සමරනවා. හින්දු බැතිමතුන් දීපවාලි දිනයේදී අවිද්‍යාවේ අන්ධකාරය පරදවා, ප්‍රඥාවේ ආලෝකය අපේක්ෂාවෙන් පුද පූජාවන්හි නිතර වීම සිදු කරනවා.
කොවිඩ් වසංගත තත්ත්වය යම් තාක් දුරට පාළනය වී ඇතත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කෝවිල්වලට පැමිණ ආගමික කටයුතුවල නිරත වන ලෙසයි හින්දු ආගමික නායකයින් හින්දු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ.
අවිද්‍යාවේ ඝණ අන්ධකාරයෙන් බැහැරවී සිත් පහන් කරවන ප්‍රඥාලෝකය දැල්වීම දීපවාලි මංගල්‍යයෙන් සංඛේතවත් කෙරෙන බව දීපවාලි දින පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා. පාරිසරික සෘතු විපර්යාසය සමඟ අනාදිමත් කාලයක් මානවයා ඇති කරගත් අධ්‍යාත්මික හුවමාරුව ඉතා ප්‍රබෝධයෙන් හා භක්තියෙන් සමරනු ලබන දීපවාලි මංගළ්‍යය ලොකු කුඩා සියලු දෙනා තුළ සතුට සහ උද්යෝගය ඇතිකරවන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. දීපවාලි මංගල්‍ය සමග විහ්වයට ප්‍රවේශ වන පංචායතන ශක්තියෙන් ලෝකවාසී සියලු දෙනාට සතුට, සමෘද්ධිය ධනය සහ දිව්‍යමය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බවද ජනාධිපතිවරයා නිකුත් කළ දීපවාලී දින පණිවුඩයේ දැක්වෙනවා
ශ්‍රී ලංකාව සමෘද්ධිමත් ජාතියක් ලෙස දියුණු වන යහපත් අනාගතයක ආරම්භය දෙස මෙම දීපවාලි උත්සව දිනය උදාවේවායි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ දීපවාලී දින සුභාශිංෂණ පණිවුඩයේ දැක්වෙනවා. ජාතික සමගිය සැමරීමට මෙය විශිෂ්ඨ දිනයක්. පහන් වන්දනාව සෑම ආගමකටම පොදුවේ. රට තුළ ඇති අවිද්‍යාවේ අදුර දුරු වි අබයන්තර ආලෝකය බැබලීම එම පහන් පූජාවේ අරමුණයි. මෙම සුවිශේෂී දිනයේ දල්වන ආලෝකය ප්‍රජාවන් අතර හොද අවබෝධයක් සඳහා සංඥාවක් ලෙස සැලකිය යුතුයි. එම ආලෝකය නිවී යාමට නොදී අදුරේ ගිලී නොයන ලෙස ආරක්ෂාකරගත යුතු බව ශ්‍රී ලංකා මාතාවගේ දරුවන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ සුභාශිංෂණ පණිවුඩයේ සඳහන්.
අන්ධකාරය පරයාලමින් ආලෝකය උදා වේවායි ප්‍රාර්ථනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ දීපවාලී දින පණිවුඩයේ දැක්වෙනවා. සංහිදියාවේ අපේක්ෂා පෙරදැරිව වාර්ගික සංහිදියාවත්, අන්‍යෝනය අවබෝධයත් ඇති කිරීමෙහිලා මෙම අපූරු උත්සවය ඉමහත් පිටිවහලක් සපයන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.
(Neth)