රසායනික පොහොර ම ඉල්ලා ගොවීන් වීදි බසිද්දී කාබනික පොහොර යොදා සාර්ථකව වගා කරන ගොවි මහතුන්ද විවිධ ප්‍රදේශවලින් දැක ගත හැකි වනවා.
මේ වන විට වෙළදපොලේ පවතින සීනි හිඟයට හේතුව සීනි ආනයනය සඳහා අවසර දීමට ප්‍රමාද වීම බව ආනයනකරුවන් පවසනවා. සීනි ආනයනය ඉකුත් මැයි මාසයේ සිට නතර කරනු ලැබුවා. ඒ අනුව මේ දක්වාම රට තුළ පාරිභෝජනය සිදු කරනු ලැබුවේ මැයි මාසයට පෙර ආනයනය කරන ලද සීනි තොගයි.
යුගදනවි බලගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ගන්නා වෘත්තීය ක්‍රියමාර්ග ලබන සතියේ තීරණය කරන බව ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
යූරියා වෙනුවට නැනෝ නයිට්‍රිජන් දියර පොහොර යෙදීමෙන් ඉදිරියේදී වී මිල කැපී පෙනෙන ලෙස වැඩිවනු ඇතැයි කෘෂි විශේෂඥයින් පවසනවා. ඔවුන් පවසන්නේ යූරියා පොහොරවලට වඩා නැනෝ නයිට්‍රජන් දියර පොහොර මිල ඉහළ අගයක පැවතීම ඊට එක් හේතුවක් බවයි.
මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන පළමු තරගය සාජා ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා.
පාසල් විවෘත කිරීමෙන් පසු දෙවන දිනටත් ක්‍රියාත්මක ගුරු විදුහල්පති වැඩවර්ජනය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වූ බව ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අද (22) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.
A special discussion is due to be held today pertaining to reopening universities.
Page 331 of 732