Friday, July 04, 2025
Follow Us
ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් අද වෙළඳපලට

ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් අද දිනය තුළ වෙළඳපලට නිකුත් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

සාමාන්‍යයෙන් මෙම කාලයේදී දෛනිකව වෙළඳබපට නිකුත් කෙරුණේ ගෑස් සිලින්ඩර 70,000 ත් 80,000 ත් අතර ප්‍රමාණයක්. ගෑස් රැගත් තවත් නෞකාවක් අද දිවයිනට ලගාවීමට නියමිත බවයි ලිට්‍රෝ ගෑස් සමාගමේ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

බස්නාහිර පළාත තුළ පවතින ගෑස් අර්බුදය ඉදිරි දින 03 තුළදී අවසන් කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළා.

මෙම දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල අලුයම සිට ගෑස් පෝළිම් පවතිනවා. ගෑස් අර්බුදයට නිසි විසඳුම් ලබාදීමට ආණ්ඩුව තවමත් අපොහොසත් වී ඇති බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ.

මේ අතර ගෑස් අර්බුදය විසඳීමට නොහැකි නම් රාජ්‍ය සමාගමක් පිහිටුවමින් එම ගැටළු විසඳීමට කටයුතු කළ යුතු බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කළේ.


(Neth)