Saturday, July 05, 2025
Follow Us
ගෑස් හිගය හේතුවෙන් පරිසර විනාශයන්

පවතින ගෑස් හිගය හේතුවෙන් මේ වන විට දර සඳහා පවතින්නේ දැඩි ඉල්ලුමක්. එම ඉල්ලුමට හේතුවෙන් පරිසර විනාශයන්ද වැඩි වී ඇති බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.

එය ඉදිරියේදී මෙරට ජෛව විවිධත්වයටද දැඩි හානිදායක වන බවයි පරිසරවේදී ජෛව සංරක්ෂණ මධ්‍යස්ථානයේ සභාපති පුබුදු වීරරත්න පැවසුවේ.

සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන්ද ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

මෙවන් ආර්ථික තත්ත්වයන් ඇතිවන අවස්ථාවලදී පාරිසරික අර්බුදයකින් ඊට විසදුම් ලබා ගැනීමට ජනතාව පෙළඹී ඇති බවයි උන්වහන්සේ පැවසුවේ.

(Neth)