Saturday, July 05, 2025
Follow Us
කොළඹ ප්‍රදේශ රැසකට වතුර නෑ

අද වතුර කපන ප්‍රදේශ මෙන්න


කොළඹ ප්‍රදේශ රැසකට පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව අද (08) උදෑසන 8.00 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කරයි.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ පහතින්…
කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර සභා බලප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බලප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බලප්‍රදේශ සහ රත්මලාන.

(Aruna)