Friday, July 04, 2025
Follow Us
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් සම්බන්ධයෙන් ඊයේ (07) පැවති විධායක කමිටු රැස්වීමේදී විශේෂ තීරණ කිහිපයක් ගෙන තිබෙනවා.

ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට අදහස් කරන ක්‍රීඩකයින් සහ විශ්‍රාම ගත් ක්‍රීඩකයින් සම්බන්ධයෙන් එම තීරණ ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

1. ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට අදහස් කරන ක්‍රීඩකයින් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විශ්‍රාම යාමට අදහස් කරන බවට මාස තුනකට පෙර දැනුම්දිය යුතුයි.

2. විශ්‍රාම ගන්නා ක්‍රීඩකයින් සඳහා විදේශීය ෆ්‍රැන්චයිස් ලීග් ක්‍රිකට් තරගාවලි සඳහා ක්‍රීඩා කිරීමට ‘‘විරෝධතාවයක් නොමැති බවට වූ සහතික’’ (NOCs) නිකුත් කරනු ලබන්නේ ඔවුන්ගේ නිල විශ්‍රාම ගැනීමේ දිනයේ සිට මාස 6ක් සම්පූර්ණ කර ඇති ක්‍රීඩකයින්ට පමණි.

3. විශ්‍රාමික ජාතික ක්‍රීඩකයින් LPL වැනි දේශීය ලීග් සඳහා සුදුසුකම් ලබන්නේ, ඔවුන් දේශීය ක්‍රිකට් තරගවලදී තරග 80% ක් ක්‍රීඩා කර ඇත්නම් පමණි.

ඉහත තීරණ වහාම ක්‍රියාත්මකවීමට නියමිතයි.

(Aruna)