කොළඹ වරාය නගරයේ විවෘත කිරීම් දෙකක්
කොළඹ වරාය නගරයේ ඉදිකර ඇති පදික මංතීරුව සහ සැහැල්ලු යාත්‍රා අංගනය අද (09) විවෘත කර තිබේ.
ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මේ වන විට දිවයිනට පැමිණ සිටින චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතාගේ සහභාගීත්වයෙනි.
මීට සමගාමීව චීන – ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 65 වන සංවත්සරය සැමරීමට ද පියවර ගෙන තිබේ.
මේ අතර අද විවෘත කළ පදික මංතීරුව හෙට (10) සිට ජනතාව වෙනුවෙන් විවෘත කෙරෙනු ඇත.
ඒ උදෑසන 9 සිට පස්වරු 6 දක්වාය.
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති පිවිසුම ඔස්සේ ජනතාවට පාගමනින් ඊට ඇතුළුවීමටද අවස්ථාව සලසා දී තිබේ.
එමෙන්ම චීන විදේශ අමාත්‍යවරයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමටද නියමිත බව වාර්තා වෙයි.
දෙදින නිල සංචාරයක් සඳහා චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේ ඊයේ රාත්‍රි 8.22ට පමණය.
ඔහු ඇතුළු දූත පිරිස ගුවන්තොටුපොළ විශේෂ ආරාධිත අමුත්තන් පිළිගැනීමේ පර්යන්තයේදී පිළිගනු ලැබුවේ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසිනි.
චීන විදේශ අමාත්‍යවරයා කොළඹ වරාය නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමටද නියමිතය.
ඉන් අනතුරුව චීන විදේශ අමාත්‍යවරයා අද පස්වරුවේම දිවයිනෙන් පිටත්ව යෑමටද සැලසුම් කර තිබේ.
(Aruna)