Saturday, July 05, 2025
Follow Us
එන්නත් ගැන අලුත්ම කතාව

එන්නත් සියල්ල ලැබී අවසන් වන දිනය

මෙරටට අවශ්‍ය සමස්ත කොවිඩ් එන්නත් ප්‍රමාණය සහ බූස්ටර් එන්නත ලබාදීම සඳහා අවශ්‍ය එන්නත් ප්‍රමාණය හෙට දිනය වනවිට ලැබී අවසන් වන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.

සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ මෙරටට ගෙන්වූ ඇස්ට්‍රාසෙනෙකා, මොඩර්නා, ස්පුට්නික්, සයිනොෆාම් සහ ෆයිසර් එන්නත් මුළු සංඛ්‍යාව හාරකෝටි 8,560,424 ක් බවයි.

ඉන් එන්නත් මිලියන 6.8 ක් ලැබී ඇත්තේ ආධාර ලෙසයි.

මෙහිදී එක් එන්නත් මාත්‍රාවක් සඳහා ඩොලර් 5 සිට ඩොලර් 7.5 ක වියදමක් දරා ඇති බව ද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළා.

(Aruna)