සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ (20) තහවුරු කරන ලද තවත් කොවිඩ් ආසාදිත මරණ 19ක් වාර්තා වී තිබේ.
අත්හිටුවා තිබූ කොළඹ සහ මහනුවර අතර දුම්රිය ධාවන කටයුතු අද සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එහි සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කළේ අයහපත් කාලගුණික තත්ත්වයෙන් රඹුක්කන සිට බලන දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ගයට හානි සිදුවීම හේතුවෙන් කොළඹ සහ මහනුවර අතර දුම්රිය ධාවනය ඉකුත් දා තාවකාලිකව අත්හිටවූ බවයි.
ණයවර ලිපියක් විවෘත කිරීම සඳහා ඩොලර් මිලියන 10 ක මුදලක් ලබාදෙන්නේ නම් සිය පාරිභෝගිකයන් සඳහා අවශ්‍ය සම්පූර්ණ ගෑස් තොග සතියක් ඇතුලත සපුරාදිය හැකි බව ලාෆ් ගෑස් සමාගම පවසනවා.
ආචාර්ය සිරිල් ගාමිණි පියතුමාට අද(22) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසයි.
මෙරටින් හමුවූ කොරෝනා ඩෙල්ටා උප ප්‍රභේදය පාසැල් ළමුන් සහ තරුණ ප්‍රජාව අතර පැතිරීම සුලභව දැකිය හැකි බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.
අද එන්නත් ලබාදෙන ස්ථාන
කොවිඩ් මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (21) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකිරීමට නියමිතව තිබේ.
අද දිනයේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සිදුකරන එන්නත්කරණ කටයුතු පිළිබඳව විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න….
(Aruna)
ඊයේ (19) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 745ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Page 329 of 745