Friday, July 04, 2025
Follow Us
කාබනික පොහොර වැඩේ ප්‍රතිඵල තමයි මේ. මට වගකීමක් ගන්න බෑ – ඩඩ්ලි සිරිසේන

සහල් මිල ඉහළ ගොස් ඇත්තේ රටේ වී නිෂ්පාදනය පහළ යෑම නිසා බවත් එහි වගකීම තමන්ට බාරගත නොහැකි බවත් කෝටිපති සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

කාබනික පොහොර වැඩසටහන යහපත් එකක් වන නමුත් එය ක්‍රියාත්මක කළ ආකාරයේ වැරදි නිසා වත්මන් තත්වය උද්ගත වී ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

එසේම සහල් මීට වඩා ඉහළ නොයනු ඇති බවත් දැනට පවතින්නේ උපරිම මිල බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ඩඩ්ලි සිරිසේන මහතා මේ බව පැවසුවේ ඊයේ (11) ගාල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

(LNW)