රට අර්බුදකාරි තත්ත්වයකට මුහුණ පාමින් ඇති පසුබිමක වුවද, මෙරට බොහෝ නිවෙස්වල මේවනවිටත් ආහාර අපතේ යාම සිදුවනවා. එලෙස ආහාර අපතේ යාම හේතුවෙන් ඉදිරියේදී මුහුණ පෑමට සිදුවන ආහාර අර්බුදය තවත් තීව්‍ර වනු ඇති බවයි විද්වතුන් පෙන්වා දෙන්නේ.
පවතින වැසි තත්ත්වයත් සමග ඩෙංගු රෝගීන්ගේ සීග්‍ර ඉහළ යාමක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසනවා. නිවාඩුවෙන් අනතුරුව පාසැල් ද යළි විවෘත වන බැවින් දරුවන් පිළිබඳ මේ දිනවල වඩාත් අවධානය යොමු කළ යුතු බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික වීරසිංහ පැවසුවේ.
ශ්‍රී ලංකාවේ වගා කටයුතු සඳහා අත්‍යාවශ්‍ය එළවලු බීජ ගෙන්වීමටත් ඩොලර් නැති නිසා ඉදිරියේදී රට තුළ දරුණු එළවලු හිඟයක් ඇතිවන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අවධාරණය කරයි.
තංගල්ල, මොරකැටිආර ප්‍රදේශයේදී ඊයේ රාත්‍රි සිදුවූ වෙඩි තැබීමෙන් මිය පුද්ගලයාද මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙක් බව අනාවරණ වී ඇතැයි පොලීසිය පවසනවා.
රජයේ පාසැල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසැල්වල පළමු වාරයේ දෙවන අදියර හෙටින් ආරම්භ වනවා. ඒ අනුව පාසැල් සිසුන් සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීම වෙනුවෙන් මේවනවිට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන පණ්ඩුක ස්වර්ණහංස සඳහන් කළේ.
Page 230 of 732