Tuesday, December 30, 2025
Follow Us
සිසුවකු ලිංගික අපයෝජනය කළ විදුහල්පති අත්අඩංගුවට

විදුහල්පති නිල නිවසේ දී කළ නොමනා වැඩේ


සිසුවකු ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රත්නපුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයකු ජාතික ළමාරක්ෂක අධිකාරියේ විමර්ශන කණ්ඩායමක් විසින් ඊයේ (23 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

විදුහල්පතිවරයාගේ නිල නිවසේ දී මෙම අපයෝජන සිද්ධීන් වී ඇති බවට තොරතුරු ඇතැයි පොලිසිය පැවසීය. මෙලෙස අපයෝජනයට ලක්ව ඇත්තේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙකි. ඒ සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය වෙත පසුගිය 12 වැනිදා ලැබුණු පැමිණිල්ලක් අනුව කළ පරීක්ෂණවලින් අනතුරුව විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

එම දරුවා වෛද්‍ය පරීක්ෂණයකට ද ලක්කර තිබෙන අතර එහිදී ලිංගික අපයෝජනයක් වී ඇතැයි අනාවරණය වී තිබේ. මෙම විදුහල්පතිවරයා මීට පෙර කොළඹ මහානාම සහ ඉසිපතන යන විදුහල්වල නියෝජ්‍ය විදුහල්පතිවරයා වශයෙන් ද කටයුතු කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර විදුහල්පතිවරයා රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඊයේ (23) ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

Aruna