Saturday, August 02, 2025
Follow Us
අන්තරේ කැඳවුම්කරු ඇතුළු තිදෙනා වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් 03 ක් හෙට ශ්‍රේෂ්ඨාධිකරණයට

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන ප්‍රශ්න කිරීමට එරෙහිව හෙට දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 03 ක් ඉදිරිපත් කිරීමට ඔවුන්ගේ නීතීඥවරුන් තීරණය කර තිබෙනවා.

නීතීඥ නුවන් බෝපගේ පැවසුවේ මෙම සැකකරුවන්ට එරෙහිව අධිකරණය මගින් යම් සහනයක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් එම පෙත්සම් ඉදිරිපත් කරන බවයි.

අරගලයට සහය දැක්වූ පුද්ගලයින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම අසාධාරණ ක්‍රියාවක් බව ද නීතීඥ නුවන් බෝපගේ මෙහිදී පෙන්වා දුන්නා.

මේ අතර ශ්‍රී ලංකා නීතීඥ සංගමය පෙන්වා දෙන්නේ විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත නොකළ යුතු බවයි.

Neth