Wednesday, February 18, 2026
Follow Us
ගුවන් තොටුපොල පරිශ්‍රයේ විශේෂ පරීක්ෂාවක්

විදෙස් ගතවන්නන්ට සපයන සේවාව අධීක්ෂණයට


අද කටුනායක ගුවන් තොටුපොල පරිශ්‍රයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ කණ්ඩායමක් හදිසි පරීක්ෂාවක් සිදු කර ඇත.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාරගේ උපදෙස් පරිදි එම කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොල පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති කාර්යාංශ කවුළුවේ රාජකාරී කටයුතු පිළිබඳ එහිදී පරීක්ෂා කර තිබේ.

මෙහිදී රැකියා සඳහා විදේශ ගතවන විගමණිකයින්ගේ කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව නිරීක්ෂණය කර ඇති අතර සංචාරක වීසා මගින් විදේශ ගතවීමට පැමිණෙන පුද්ගලයින් සම්බන්ධයෙන් කටයුතු සිදුකරන ආකාරයද විමර්ශන කණ්ඩායමේ නිරීක්ෂණයට ලක්ව ඇත.

එමෙන්ම කාර්යාංශ ගුවන් තොටුපොල ඒකකයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබාදීමද එහිදී සිදුකරන ලදී.

Aruna