Tuesday, December 30, 2025
Follow Us
සල්ලිත් නෑ පොහොරත් නෑ

ශ්‍රී ලංකාව හා චීනය අතර තිබු සුහදත්වය පළුදු වෙලා


ලංකාව තුල මහත් ආන්දෝලනයකට තුඩු දුන් චීන පොහොර නැව පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පල කළේය.

එහිදී ඔහු සදහන් කලේ චීන පොහොර නැවට ගෙවූ රුපියල් ලක්ෂ 69ක මුදලින් ශ්‍රී ලංකාවට පාඩුවක් සිදු වූ බවය.

එසේම ශ්‍රී ලංකාව සහ චීනය අතර තිබූ සුහදත්වය යම්තාක් දුරකට පළුදු වීමටද මෙම පොහොර නැවේ ප්‍රශ්නය බලපෑ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහිදී ඉදිරියේදී පොහොර බෙදා හැරීමේ වැඩපිළිවෙළ පිළිබඳවද අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වා තිබේ.

Aruna