Thursday, April 09, 2026
Follow Us
පැතුම් කර්නර් ට වරෙන්තු

අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් පැතුම් කර්නර් ට වැඩ වරදී


අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ පැතුම් කර්නර් අත්අඩංගුව ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

පසුගියදා ‍පොල්දූව මංසන්ධියේදී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවට අදාළව ඔහු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් එම නියෝගය නිකුත් කළ බවයි අප අධිකරණ වාර්තාකරු පැවසුවේය.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් එම නඩුව ගොනු කර තිබේ.

 

Aruna