Wednesday, February 18, 2026
Follow Us
මාධ්‍යයේ ඡායාරූප යන නිසා අරගලකරුවන්ට අපහසු ලු

මාධ්‍ය හමුවට ආ අරගලකරු අත්අඩංගුවට


ජනාධිපති මන්දිරේට හා අරලියගහ මන්දිරයට ඇතුලත්වී වීම හේතුවෙන් සමාජ මාධ්‍ය හා මාධ්‍යයේ පළ වන ඡායාරූපවල සිටින අරගලකරුවන් විසින් (23) දින විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විය.

මාධ්‍ය වල තමන්ගේ ඡායාරූප පළ වීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව ඔවුන් සඳහන් කරයි.

ඔවුන් පොලිස් ස්ථානවලට ගොස් කට උත්තර ලබා දීමෙන් අනතුරුව ඇප මත මුදා හැර සිටින බව ඔවුන් පවසයි.

මාධ්‍ය හමුව අවසන් වීමෙන් පසුව එම ස්ථානයේ රැඳී සිටි ශාලිත රුවන් නැමැත්තා පොලිසිය අත්අඩංගුවට ගෙන රැගෙන යනු ලැබීය.

Aruna