ඉදිරි දෙසතිය තුළ සමාගම් බදු ඉහළ දැමීමටත් අධිවේගී මාර්ගවල රථවාහනවලින් අයකෙරෙන ගාස්තු වැඩි කිරීමටත් රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.
තිළිණි ප්‍රියමාලි නැමැත්තියගේ මුල්‍ය වංචාවට අදාළව තවත් ජනප්‍රිය නිළියන් දෙදෙනකු ගැන ලැබී ඇති සාක්ෂි මත ඔවුන් ඉදිරියේදී අත්අඩංගුවට ගැනෙනු ඇතැයි වාර්තා වේ.
ආනයනික ආයුර්වේද ඖෂධවලද හිගයක් පවතින බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ලෝක කුසලානය සහ ලංකාව සම්බන්ධ සම්පූර්ණ කතාව ධනුෂ්ක ගුණතිලකය.නමුත් අවසාන පූර්ව වටයෙන් ඉවතට වීසි වූ ශ්‍රී ලංකාව මේ තරගාවලියේ අවසාන පූර්ව වටයේ සිටිය යුතුව තිබුණ කණ්ඩායමකි.ඒ සඳහා ක්‍රීඩකයින්ට ශක්‍යතාවයක් තිබුණ බව ඔවුන් සහභාගි වූ අවසන් තරගයේදී ද ඔප්පු කළහ.
නියමිත දිනකට ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක නොකිරීමට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර එකගතාව පළ කළ බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.
අටමස්ථානාධිපති ධූරයේ නිල වශයෙන් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට කිසිඳු ප්‍රභූවරයෙකුට ආරාධනා නොකරන බව අටමස්ථානාධිපති හිමියන් ලෙස අභිනවයෙන් පත්වූ රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් පවසනවා.
හම්බන්තොට මුහුදු ප්‍රදේශයේ දී සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300ක් සමග සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නොවැම්බර් මාසයේදී ගෑස් හිඟයක් ඇතිවීමට කිසිදු ඉඩක් නොමැති බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.
Page 192 of 768