දේශිය එලවලු බීජ මිල සීග්‍රයෙන් ඉහළ යාම හා ප්‍රමිතියක් නොමැති බීජ හේතුවෙන් ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට පත්ව ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා.
ඵහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ කරවිල බීජ කිලෝවක් රුපියල් එක්ලක්ෂ හයදාස් නවසීය දක්වාත් වට්ටක්කා බීජ කිලෝවක් රුපියල් එක්ලක්ෂ දාහත් දහසක් දක්වාත් තක්කාලි බීජ කිලෝවක් රුපියල් හය ලක්ෂ අසූ දහස දක්වාත් ගස්ලබු බීජ කිලෝවක් රුපියල් ලක්ෂ 20ක දක්වාත් අසීමිත ලෙස වැඩි වී ඇති බවයි.
මේ වන විට එළවළු බීජ කිලෝවක මිල සියයට දහසකින් වැඩි වී ඇති බවත් මෙමගින් එලවලු වගා කිරීම පවා අඩුවනු ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.
දේශිය එලවලු බීජ මිල සීග්‍රයෙන් ඉහළ යාම හා ප්‍රමිතියක් නොමැති බීජ පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යාංශය වහාම අවධානය යොමු කළ යුතු බවයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය වැඩිදුරටත් පැවසුවේ.
Neth