Friday, February 20, 2026
Follow Us
හෙට පැය 8ක ජල කප්පාදුවක්

ජල සැපසුම අත්හිටුවන ප්‍රදේශ මෙන්න


ගම්පහ ප්‍රදේශ කිහිපයකට හෙට (13) දිනයේ පැය අට හමාරක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

හෙට පෙරවරු 08.30 සිට පස්වරු 05.00 දක්වා කාලය තුළ එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

ඒ අනුව පෑලියගොඩ වත්ත, ජා ඇල, කටුනායක – සීදුව නගර සභා බල ප්‍රදේශ සහ කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජාඇල, කටාන, මිනුවන්ගොඩ යන ප්‍රාදේශිය සභා බල ප්‍රදේශවලට මෙන්ම ගම්පහ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයට අදාළ කාලය තුළ ජය සැපයුම අත්හිටුවීමට නියමිතය.

Aruna