ඉන්ධන කෝටාව වැඩි කළද ත්‍රීරෝද ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නොමැති බව සමස්ථ ලංකා ත්‍රීරෝද රථකරුවන්ගේ වෘත්තීය සමිතිය පවසනවා. එහි සභාපති ලලිත් ධර්මසේකර පැවසුවේ ත්‍රී රෝද රථ ගාස්තු අඩු කිරීමට නම් දෛනිකව පෙට්‍රල් ලීටර් 5ක ප්‍රමාණයක් කුලී ත්‍රී රෝද රථ සඳහා ලබාදිය යුතු බවයි.
අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ විසින් විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
මිල්ලනිය, ගුංගමුව, කණිෂ්ඨ විද්‍යාලයේ 05 වන ශ්‍රේණියේ ඉගැනුම ලැබූ සිසුන් පිරිසක් වධහිංසනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පොලිස් නිලධාරීන් 03 දෙනෙකු එම විද්‍යාලයේ විදුහල්පතිනිය සහ ගුරුවරියක් ජාතික ළමා රක්ෂක අධිකාරිය මගින් අත්අඩංගවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 16 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ශ්‍රී ලංකාවට ගිණිකොණ දෙසින් පවතින පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය ඉදිරි පැය 48 තුළ තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
Police and the Security Forces have informed the parties organizing Mahaviru commemorations in the North to refrain from any propaganda on the LTTE or its members and that any individual violating that requirement would be liable for arrest and legal action.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඕස්ට්‍රේලියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිත බව ඔහුගේ නීතිඥ ආනන්ද අමරනාත් අද ප්‍රකාශ කර සිටියා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙරට මත්පැන් අලෙවිය මේවනවිට සියයට 40කින් පමණ පහළ ගොස් ඇති බවද සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක, සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පැවසුවේ නිෂ්පාදන පිරිවැය ඉහළ යාම මත මත්පැන් මිල ගණන් සීග්‍ර ලෙස ඉහළ යාම මෙම තත්ත්වයට බලපා ඇති බවයි.
Page 191 of 768