Friday, February 20, 2026
Follow Us
රග්බි කණ්ඩායමේ නායිකාව කොරියාවේ දී අතුරුදන්

පොලිසිය ඇය සොයා විමර්ශන ආරම්භ කරයි


ආසියානු සත් සාමාජික තරගාවලියට සහභාගී වීම සඳහා මේ වනවිට (14) දකුණු කොරියාවට ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමේ නායිකා දුලානි පල්ලෙකොණ්ඩගේ අතුරුදන් වී ඇති බවට වාර්තා වනවා.

ඇය ඊයේ (13) දිනයේ දී සිය තරගයට එක්වීමෙන් අනතුරුව මෙලෙස අතුරුදන්ව ඇති බවටයි වාර්තා වන්නේ.

සිය කණ්ඩායමේ සාමාජිකාවක් මෙලෙස අතුරුදන් වීම සම්බන්ධයෙන් රග්බි කණ්ඩායමේ කළමනාකරු විසින් කොරියානු රග්බි සංමගයේ නිලධාරීන් මාර්ගයෙන් පොලිසියට දන්වා තිබෙනවා.

මේ වනවිට ඉන්චියොන් හි නැම්ඩො පොලිසිය ඇය සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් අද (14) පෙරවරු 11.30 ට පමණ ඉන්චියොන් ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාව බලා පිටත්ව යාමට නියමිතයි.

කොරියානු පොලිසිය පවසා ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය රටෙන් පිටවීමට පෙර දුලානිව සොයාගැනීමට උපරිම උත්සාහය ගන්නා බවයි

Aruna