Friday, February 20, 2026
Follow Us
කෝච්චි ටිකට් හිඟයක්

40 ටිකට් 02ට කපයි


ප්‍රධාන දුම්රිය ස්ථාන සහ උප දුම්රිය ස්ථාන රැසක ප්‍රවේශපත්වල දැඩි හිඟයක් පවතින බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර පවසයි.

හලාවත සහ ලුණුවිල දුම්රිය ස්ථානවල රුපියල් 20 ක ප්‍රවේශපත් නොමැති වීම නිසා සම්පූර්ණ ගමන් ගන්නා මගීන් සඳහා රුපියල් 40 ප්‍රවේශපත් දෙකට කපා මගීන් දෙදෙනෙකු වෙත නිකුත් කිරීමට සිදුව ඇති බවත් මගී ගමන් ගන්නා දුම්රිය ස්ථානය වෙත අදාල ප්‍රවේශපත වෙනුවෙට නිසි අවසරයකින් තොරව වෙනත් දුම්රිය ස්ථානවල ප්‍රවේශපත් නිකුත් කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ට සිදුව ඇති බව ඔහු පැවසීය.

කොළඹ කොටුව, මරදාන, ගම්පහ, මොරටුව, පානදුර, වේයන්ගොඩ සහ ගම්පහ යන විශාල වශයෙන් ප්‍රවේශපත් අලෙවි වන දුම්රිය ස්ථානාධිපතිවරුන් මෙම ප්‍රවේශපත් නොමැතිවීමෙන් අපහාසුතාවයට ලක්ව සිටිති.

Aruna