Friday, February 20, 2026
Follow Us
5 වසර සිසුවියකට අමානුෂික ලෙස පහරදුන් ගුරුවරයකු අත්අඩංගුවට !

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දැරියකට පාසලේදී අමානුෂික ලෙස පහරදුන් ගුරුවරයකු හුංගම පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

එම ගුරුවරයා විසින් සිය දියණියට දිගින් දිගටම පහරදී ඇති බව එම දැරියගේ මව කළ පැමිණිල්ලක් අනුව ඊයේ (11) දිනයේදී පොලිසිය ඔහුව අත් අඩංගුවට ගෙන ඇත.

පහරකෑමට ලක්වූ දැරිය මේ වනවිට තංගල්ල රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

LNW