වත්මන් රජය බිහිකිරීම සඳහා ජනවරම ලබාගැනීමේදී ජනතාවට දුන් පොරොන්දුව ප්‍රකාරව තමන් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක කරන බවත් ඊට එකඟ අය ආණ්ඩුව සමග දිගටම සිටිනු ඇති අතර ඊට එරෙහි යමෙක් සිටී නම් ඔවුන් ආණ්ඩුවෙන් ඉවත්ව යනු ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.
ඛණිජ තෙල් සංස්ථාව කොටස් 05කට බෙදා පෞද්ගලීකරණය කිරීමේ සූදානමක් ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හශීම් පවසනවා.
සහල් මිල සම්බන්ධයෙන් උද්ගතවී ඇති ප්‍රශ්නයට වගකිව යුතු වන්නේ එක්සත් ජාතික පක්ෂය බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.
දේශපාලනික වශයෙන් විවිධ මත තිබුණද, සමගි ජනබලවේගය තුළ බෙදිමක් නොමැති බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා. සමගි ජනබලවේගය නියෝජනය කරන දේශපාලන කණ්ඩායම් වල යම් බෙදීමක් පවතින බවට ඉකුත් දා මාධ්‍ය වාර්තා පළ වුණා.
දැඩි කතාබහකට ලක්වූ සුදු ළුෑණු වංචාවට තමාගේ නමද ඈදා ගනිමින් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
තම කණ්ඩායම සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව සමගි ජන බලවේගය නිර්මාණය කළේ කැඩී බිඳීයන්නට නොවන බවත් තමන් අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ ආණ්ඩුවක් පිහිටුවන අතර ඒ ගැන කිසිවෙකුත් සැකයක් තබාගත යුතු නොමැති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරාළ මහත්මිය අවධාරණය කරයි.
ආණ්ඩුවේ අදූරදර්ශී තීරණ හේතුවෙන් වී ගොවියා ඇතුළු සමස්ත ගොවි ජනතාවම අන්ත අසරණ වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. වී වගාව සඳහා අවශ්‍ය පොහොර වෙනුවට වෙනත් භෝග සඳහා භාවිතා කරන පොහොර ලබා දී ඇති බව පෙන්වා දෙන විපක්ෂ නායකයා පවසන්නේ ආණ්ඩුවේ අදූරදර්ශී තීරණවලට ගොවි ජනතාවට සිය ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුව ඇති බවයි.
වත්මන් ආර්ථික අර්බුදය ඇතිවූයේ කොරෝනා වසංගතය නිසා නොවන බවත්, ආර්ථික කඩා වැටීම ආරම්භ වූයේ 2019 නොවැම්බර් මාසයේදී බවත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කොරෝනා වසංගතයට මුවාවෙමින් පාලකයන්ගේ අසාර්ථකත්වය වසාගත නොහැකි බවයි එජාප නායකයා අවධාරණය කරන්නේ.
Cabinet is expected to give the nod for the increase of milk powder by Rs.200 shortly and thus push the price of a one kilogram packet from Rs.945 to Rs.1,145, UNP Deputy Leader Ruwan Wijewardene said over the weekend.
ඉදිරි අයවැයෙන් ජනතාව පුදුමයට පත් කරවන බවත් ඒ නිසා අයවැය පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවත් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. අයවැයෙන් පසු කිරිපිටි, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයද අවසන් කරන බවයි ඇමතිවරයා පවසන්නේ.
සහල් මිල තීරණය කිරීම සඳහා සහල් මෝල් හිමියන්ට ඉඩ ලබාදිය නොහැකි බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. නාඩු සහල් මිල රුපියල් 100 දක්වා අඩු කරන බවත්, ඒ සඳහා තවත් සතියක කාලයක් ලබාදෙන ලෙසත් ඇමතිවරයා සඳහන් කරනවා.
එළඹෙන සතිය තුළ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා දෙකක් සහ පාර්ලිමේන්තු විශේෂ කාරක සභා දෙකක් රැස්වීමට නියමිතව තිබේ.
ආණ්ඩුව ගෙනයන ජනතාවදී පාලනය කඩාකප්පල් කරන කුමන්ත්‍රණකාරයන් සිටින්නේ ආණ්ඩුව තුළම බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. ආණ්ඩුව තුළ සිටිමින්ම ඔවුන් ආණ්ඩුව විවේචනය කරන බව පෙන්වා දෙන රාජ්‍ය ඇමතිවරයා සඳහන් කරන්නේ එය කිසිසේත්ම සුදුසු තත්වයක් නොවන බවයි.
2022 අයවැය සඳහා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ විසින් ද යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් ආචාර්ය රෝහිත රාජපක්ෂ මහතා ඉදිරි පළාත් සභා මැතිවරණයට තරඟ කරනු ඇති බවට මාධ්‍ය වාර්තා පලවෙයි.
සහල් මිල පාලනයකින් තොරව ක්‍රියාත්මක වන බව තේරුම් ගියහොත් මිල පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා. ජනතාවට අවශ්‍ය හොඳම දේ ලබාදීම ආණ්ඩුවේ වගකීමක් බවත්, ඒ පිළිබඳව ජනතාව සැකයක් තබාගත යුතු නැති බවත් මන්ත්‍රීවරයා පවසනවා.
ඕනෑම මොහොතක රට තුළ අන්තවාදී ප්‍රහාරයක් එල්ල විය හැකි බවට මාධ්‍ය වෙත කළ ප්‍රකාශය සම්බන්ධයෙන් බොදුබල සේනාවේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ව කැඳවා ප්‍රකාශයක් සටහන් කරනොගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
Page 235 of 544