Wednesday, July 09, 2025
Follow Us
ආණ්ඩුවත් එක්ක අපි මේ දවස් වල රණ්ඩු වෙන්නේ ජනතාවට දීපු පොරොන්දුවක් ඉටු කරන්න - ගම්මන්පිල

මේ දිනවල ආණ්ඩුවත් සමඟ රණ්ඩු කරමින් සිටින්නේ ජනතාවට දුන් පොරොන්දුවක් ඉටු කිරීමට බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

තමන් හා විමල් වීරවංශ අමාත්‍යවරයා කරමින් සිටින්නේ මැතිවරණ ව්‍යාපරය යන අවස්ථාවේ දුන් එම පොරොන්දුව ඉටු කිරීම බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

''මේ දවස් වල ජනතාවට පේනවා අපි ආණ්ඩුවත් එක්ක රණ්ඩු වෙමින් ඉන්නවා කියල. ඔව්, ආණ්ඩුවත් එක්ක මේ දවස්වල රණ්ඩු වෙන්නේ මැතිවරණ පොරොන්දුවක් ඉටු කරන්න. 2020 ජූලි මාසේ 18 වෙනිදා මැතිවරණ ව්‍යාපරය අතරේ විමල් වීරවංශ ඇමැතිතුමත් මමත් අපි අපේක්ෂකයෝ මන්ත්‍රීවරුවත් ඇමතිවරුවත් නෙවෙයි. ලිඛිත ප්‍රතිඥාවක් ජාතියට ලබාදුන්නා අපේ ආණ්ඩුව ජනතාවට දුන්නු ප්‍රතිඥාවට පිටින් යනවා නම් ජනතා අභිලාෂයට පයින් ගහල කටයුතු කරන්න හදනවා නම් ආණ්ඩුව දුන් පොරොන්දුවලට නිසි මඟට ගේන්න අපි ආණ්ඩුව ඇතුළේ විපක්ෂය ලෙස කටයුතු කරනවාය කියල ලිඛිතව ප්‍රතිඥාවක් ජාතියට ලබා දුන්නා. අද අපි ඉටුකරමින් ඉන්නේ ඒ මැතිවරණ පොරොන්දුවයි. ආණ්ඩුවේ කුළුදුල්ම ඇමති මණ්ඩල රැස්වීමට 20 වෙනි සංශෝධනය ගෙනාපු වෙලාවේ ඒ ගැන අභ්‍යන්තර සාකච්ජාවක් නොකර සම්මත කර ගත්තම මේ පළමුවෙනි රැස්වීමනේ කියල ඔන්න ඔහේ යන්න දෙමුනේ කියල හිතුවේ නැහැ අපි ඒකට එරෙහිව අරගල කළා. මොකද ජනතාවට දුන්න මැතිවරණ පොරොන්දුව රකින්න.''

අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ අද (13) මුතුරාජවෙල දී පැවති වැඩසටහනකට සහභාගී වෙමිනි.

(LNW)