Wednesday, July 09, 2025
Follow Us
රන්ජන් බන්ධනාගාරයෙන් කොළඹ ජාතික රෝහලට

අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද කොළඹ ජාතික රෝහල වෙත රැගෙන විත් තිබෙනවා. ඔහු ජාතික රෝහලේ විකලාංග සායනය වෙත ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු මන්ත්‍රීවරයාට ඇති වූ දණහිසේ ආබාධයක් හේතුවෙන් ඔහු ජාතික රෝහල කරා රැගෙන විත් තිබේ.

වෛද්‍ය ප්‍රතිකාරවලින් පසුව රාමනායක මහතා වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇති අතර ලබන 16 වැනිදා දක්වා ඔහු රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා තබන බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (පාලන) චන්දන ඒකනායක මහතා පවසන්නේ. ලබන 16 වැනිදා නැවත ඔහු විකලාංග සායනය වෙත රැගෙන ඒමට නියමිතය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වූ හිටපු මන්ත්‍රීවරයා පසුගිය ජුනි 26 වැනිදා සිට අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා තබා සිටී.

ඔහුගේ දණහිසේ ආබාධය හේතුවෙන් මීට පෙර සතියකට ආසන්න කාලයක් ගාල්ල කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබීය.

(LNW)