Wednesday, November 12, 2025
Follow Us
ආණ්ඩුවට අසීමිත බලය දීමේ පීඩනය අද ජනතාවට විඳින්න වෙලා - සජිත්

ආණ්ඩුවකට අසීමිත බලයක් ලබා දීමේ වන්දිය ගෙවන්නට සිදුව ඇත්තේ මේ රටේ අහිංසක ජනතාවට බවත්, එහි එහි පීඩනය අද වනවිට මුළු රටේම ජනතාව අත්විඳිමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ජන හද ගැස්ම නොතේරෙන, ජනතාවගේ අසීමිත දුක නොහඳුනන හිරිවැටුණු ආණ්ඩුවක් අද රටේ පවතින බව පැවසූ විපක්ෂ නායකයා, ජනතාවගේ දුක තේරුම් ගන්නවා වෙනුවට ආණ්ඩුවට සිදුව ඇත්තේ තානාපති කාර්යාල ඉදිරිපිටට ගොස් දන ගසාගෙන සිටීමට යැයි ද යැයිද පැවසීය.

ආණ්ඩුවේ අන්තනෝමතික වැඩපිළිවෙළට එරෙහිව සමගි ජන බලවේගයේ මිනුවන්ගොඩ සංවිධායක චමින්ද ද සිල්වා මහතා විසින් සංවිධානය කරනු ලැබූ විරෝධතාවයක් (11) මිනුවන්ගොඩ නගර මධ්‍යයේදී පැවැති අතර ඊට එක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග මහතා එම අවස්ථාවේදී සමගි ජන බලවේගය සමග එක්වීමද විශේෂත්වයකි.

මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා, හිටපු පළාත් සභා මන්ත්‍රී ජෝර්ජ් පෙරේරා, සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධනවර්ධන ගුරුගේ ඇතුළු මහජන නියෝජිතයින් රැසක්ම එක්ව සිටියහ.

(LNW)