ආර්ථික වර්ධන වේගය යළි ඉහළ නැංවීම සහ ජනතාවගේ ජීවන මට්ටම උසස් කිරීම අරමුණු කර ගනිමින් මෙවර අයවැය යෝජනා සකස් කර ඇති බව රජය පවසනවා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් වර්තමානයේ රටට සුදුසු කාලෝචිත අයවැයක් පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරෙනු ඇති බවයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පැවසුවේ.
වත්මන් ආණ්ඩුව ඉදිරි වර්ෂය සඳහා ඉදිරිපත් කරන අයවැය ලේඛණය දේශපාලන ලියවිල්ලක් නොවිය යුතු බවයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ.
වත්මන් ආණ්ඩුව අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය යෝජනාව පිළිබදව ජනතාවට කිසිදු බලාපොරොත්තුවක් තබා ගත නොහැකි බවයි එක්සත් ජාතික පක්ෂය සඳහන් කළේ.
(Neth)