පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් කළ යෝජනාව නව පනතකින් සම්මත කර ගත යුතු වන අතර ඒ සඳහා පක්ෂ විපක්ෂ සහය ලැබෙනු ඇති බවට විශ්වාස කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී 2022 අයවැය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවේදීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද විශ්‍රාම වැටුප සඳහා හිමිකම් කීමට වසර 10ක මහජන සේවා කාලයක සම්පූර්ණ කළ යුතු වන බවට යෝජනාව ගෙන ආවේ ආණ්ඩු පක්ෂයෙන්ම වන අතර එය ආණ්ඩු පක්ෂය නියෝජනය කරන 40%ක් පමණ වන නවක මන්ත්‍රීවරුන්ට ප්‍රශ්නයක් නොවුණ බවත් වැඩියෙන්ම ඊට සහය දුන්නේ ඔවුන් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එම නවක මන්ත්‍රීවරුන්ට ලබන වාරයේද පාර්ලිමේන්තුවට පැමිණීමේ හැකියාවක් ඇති බවට විශ්වාසයක් පවතින බවද රාජපක්ෂ මහතා කියා සිටියේය.
එහෙයින් එය ප්‍රශ්නයක් නොවනු ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.
(LNW)