ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කියන සුන්දර කතාවලින් රටේ ජනතාවගේ සැබෑ ප්‍රශ්න අමතක කළ නොහැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. වත්මන් ආණ්ඩුව විසින් මහා භාණ්ඩාගාරය හිස්කර ඇති බව අයවැය වාර්තාව හරහා ඔවුන් නොනිළ වශයෙන් පිළිගෙන ඇති බවද මන්ත්‍රීවරයා පවසනවා.
2022 වසර සඳහා වන අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව අයවැය පිළිබඳව මාධ්‍ය වෙත 7අදහස් දක්වමින් නලින් බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය. රටේ ජනතාව මුහුණ දී සිටින ප්‍රශ්නවලට කිසිදු විසඳුමක් ලබාදීමට මුදල් ඇමතිවරයා අසමත් වී ඇති බවද ඔහු පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා සඳහන් කළේ සින්තටික් ලෝකයක හිඳිමින් ඉදිරිපත් කළ සංකල්පවලින් පිරි අයවැයක් ලෙස මෙය හැඳින්විය හැකි බවයි. මෙම අයවැය වත්මන් ආණ්ඩුවේ අවසන් අයවැය වනු ඇති බවද ඔහු සඳහන් කරනවා.
(LNW)