ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් අද පස්වරු 4.30 ට පැවැත්වෙන බව වාර්තා වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
වත්මන් ආණ්ඩුව පළවාහැර රට ආරක්ෂා කරගැනීම සඳහා අප්‍රේල් 03 ඉරිදා දිනයේදී ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයකින් තොරව පාරට බැස විරෝධතා දක්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
රටතුළ පවතින ඉන්ධ, ගෑස්, විදුලි අර්බුදවලට කඩිනමින් විසඳුම් ලබාදෙන බව කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉදිරි දින 03 ඇතුළත මෙම අර්බුද විසඳීමට හැකිවනු ඇති බවයි.
රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩගැනීමට නම් පොදු සම්මුතියකට යායුතුම බවට සජබ, ශ්‍රීලනිප, එජාප සහ ටීඑන්ඒ නායකයෝ සහ මාධ්‍යවේදීන් පිරිසක් එකම වේදිකාවකදී එකඟ වෙති.
වර්තමානයේදී රටේ පවතින තත්වය ඉතාමත් අභියෝගාත්මක බව සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. පවතින තත්වය පිළිබඳව මැනවින් සිතා බලා කටයුතු කළයුතු බවයි ඇමතිවරයා පවසන්නේ.
නිර්නාමික කණ්ඩායම් විසින් සංවිධානය කරන කිසිදු විරෝධතාවයකට එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ නොවන බව එම පක්ෂය නිවේදනය කරයි.
අප්‍රේල් 03 වැනිදා රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත විරෝධයට තමන් සහය ලබා දෙන බවට සමාජ ජාලා මගින් සිදුකෙරෙන ප්‍රචාරයන් සම්පූර්ණයෙන් අසත්‍ය බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
Govt. must not be made into banking crisis: SJB
Call to dissolve and reconstitute Monetary Board
Expresses concerns over status of IMF engagement by Govt.
Questions the Govt. fiscal policy decisions
හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයෙහි සිටියදී භාවිතා කළ සුවිසල් නිල නිවසම විශ්‍රාම යාමෙන් පසුවත් ඒ මහතාට ලබාදීමට එවකට කැබිනට් මණ්ඩලය ගත් තීරණය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (29) දිනයේදී අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී.
මිනුවන්ගොඩ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ට විදෙස් සංචාරයකට සහභාගී වීම සඳහා ඩොලර් සොයාදීමට තමන් ද මැදිහත්වූ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. ඒ, ඊයේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනින් පසු බැලුම්ගල කණ්ඩායමට දුරකථන ඇමතුමක් ලබාදෙමින්.
හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වූ අතාවුද සෙනවිරත්න මහතා අද (31) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.
ජනාධිපති සමාව මත මරණීය දණ්ඩනයෙන් නිදහස්ව මේ වනවිට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් පත්වීම් ලැබ සිටින දුමින්ද සිල්වා මහතා ලබන ඔක්තෝබර් මාසයේදී විවාහ වීමට නියමිත බව ආරංචිමාර්ග සඳහන් කරයි.
වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ පරාජයට පත්කර නව ගමනක් ආරම්භ කළයුතු බවත් වත්මන් ආණ්ඩුවෙන් ඉවත්වන ලෙස ජනතාව මැති ඇමතිවරුන්ට බල කළයුතු බවත් ආණ්ඩුවේම කුඩා පක්ෂ 11ක සන්ධානයේ නායකයකු වන විමල් වීරවංශ මහතා පවසයි.
ද්විත්ව පුරවැසියන්ට රජයේ කිසිදු තනතුරක් දැරීමට නොහැකි වන ආකාරයෙන් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එළඹෙන අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. එම පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
Page 185 of 554