Tuesday, July 01, 2025
Follow Us
රජයෙන් ඉවත්වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරු මෙන්න

මන්ත්‍රීවරු 14 දෙනෙක් ස්වාධීන වෙයි


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

හදිසි නීතිය පැනවීමට රජය ගත් තීරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනුමත නොකරන බවද ඔහු පැවසීය.

ඒ අනුව තමා ඇතුළු මන්ත්‍රීවරු 14 දෙනෙක් ස්වාධීනව කටයුතු කරන බව ඔහු කීය.

නිමල් සිරිපාල ද සිල්වා
මහින්ද අමරවීර
දයාසිරි ජයසේකර
දුමින්ද දිසානායක
ලසන්ත අලගියවන්න
රංජිත් සියඹලාපිටිය
ජගත් පුෂ්පකුමාර
ෂාන් විජයලාල් ද සිල්වා
ශාන්ත බණ්ඩාර
දුෂ්මන්ත මිත්‍රපාල
සුරේන් රාඝවන්
අන්ගජන් රාමනාදන්
සම්පත් දසනායක

මේ වනවිට පොදු පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු 12 දෙනෙක්, විමල් වීරවංශ මහතා ඇතුළු මන්ත්‍රීවරු 16 දෙනෙක් සහ අකිල ඉලංගෙයි මහජන කොංග්‍රසය පක්ෂයේ එස් එම් එම් මුෂාරෆ් මන්ත්‍රීවරයාද ස්වාධීනව පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන බව පැවසීය.

(Aruna)