Tuesday, July 01, 2025
Follow Us
විමල් වීරවංශ ගේ නිවසත් වටලයි!

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ නිවස අසළ ජනතාව ඒකරාශී වී විරෝධය පෑමට පටන්ගෙන තිබේ.

වත්මන් රජයට එරෙහි ජන විරෝධතා දිවයිනේ විවිධ ප්‍රදේශ වල සංවිධානය වෙමින් පවතින අතර, හිටපු අමාත්‍යවරයාගේ නිවස අසල රැස්ව සිටින පිරිස පවසන්නේ දූෂිත දේශපාලඥයන් සියල්ල ගෙදර හැරිය යුතු බවයි.

එමෙන්ම මහජනතාවගෙන් සොරාගත් මුදල් යළි මහජනතාව සතුකර ගත යුතු බව රැස්ව සිටින පිරිස පවසයි.

කෙසේවෙතත්, මේ පිළිබඳව විමල් වීරවංශ මහතා පවසා සිටියේ බැසිල් රාජපක්ෂ ගේ ඉල්ලීම මත ජයන්ත කැටගොඩ විසින් සංවිධානය කළ පුද්ගලයන් පිරිසක් විසින් මෙසේ නිවස වැටලූ බවයි.

(LNW)