පාර්ලිමේන්තුවේ ස්වාධීන වන මන්ත්‍රීවරුන් ගණන තවදුරටත් ඉහළ යා හැකි බවට වාර්තා වනවා. ඒ අනුව අද දිනය තුළ පමණක් මන්ත්‍රීවරුන් පනස් දෙනෙකු පමණ ස්වාධීන වනු ඇති බවටයි පැවසෙන්නේ. ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත්වී පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කිරීමේ පසුබිමක් තුළයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දිනයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා ආණ්ඩුවෙන් ඉවත්වී ස්වාධීනව කටයුතු කරනු ඇති.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශද විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමෙන් පසු ඔහුගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනෙකු ස්වාධීන වන බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජේ්‍යෂ්ඨ මන්ත්‍රීවරයෙකු ද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමෙන් අනතුරුව එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකුද ස්වාධීන වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව මන්ත්‍රීවරුන් පනස් දෙනෙකු අද දිනයේ පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයෙන් ඉවත්වී ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරනු ඇති බවට වාර්තා පළ වනවා. ලබන 06 වනදා ද තවත් මන්ත්‍රීවරුන් 12 දෙනෙකු ස්වාධීන වීමටයි තීරණය කර ඇත්තේ.
ඉකුත් අයවැය විවාදයේදී ආණ්ඩු පක්ෂයට මන්ත්‍රීවරුන් 157 දෙනෙකු සහය පළ කළා. වාර්තා පළවන ආකාරයට ඒ අතරින් මන්ත්‍රීවරුන් 67 දෙනෙකු පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවෙන් ඉවත්වී ස්වාධීන වනු ඇති බවටයි සඳහන් වන්නේ. මෙම මන්ත්‍රීවරුන් ස්වාධීන වීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂයට හිමි මන්ත්‍රීධූර සංඛ්‍යාව 95 ක් දක්වා පහළ යනු ඇති.
හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඊයේ පැවසුවේ කුමන හෝ පාර්ෂවයක් පාර්ලිමේන්තුව තුළ 113 ක බහුතර බලය පෙන්වන්නේ නම් ඔවුන්ට ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලබාදෙන බවට ජනාධිපතිවරයා පවසා ඇති බවයි.
හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පැවසුවේ ආණ්ඩුවට සහය දක්වන 138 දෙනෙකු මේ වන විට තමන් සතුව සිටින බවයි.
කෙසේවෙතත් ස්වාධීන වන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක දැක්වුයේ මෙවන් අදහසක්.
අද දිනයේ පාර්ලිමේන්තුවේදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ආරම්භ වීමට පෙර රැස්වී සාකච්ඡා කරන බව සමගි ජන බලවේගය වැඩිදුරටත් පැවසුවා.
(Neth)