Tuesday, July 01, 2025
Follow Us
නාමල්ට අධිකරණ නියෝගයක්

රු.මිලියන 30ක් නාමල් අයථා ලෙස උපයාගෙන ද?


හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකළ නඩුව ලබන 28 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය (05) නියම කර තිබේ.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස සිටියදී නාමල් රාජපක්ෂ මහතා අයථා ලෙස රුපියල් මිලියන 30ක මුදලක් උපයාගෙන ගවර්ස් කෝපරේට් සමාගමේ ආයෝජනය කළැයි චෝදනා එල්ලවී සිටින නඩුව සම්බන්ධයෙනි.

විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා විදේශගතවීම සඳහා යම් ඉල්ලීමක් කරන්නේ නම් එය එදිනට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා අධිකරණයට දන්වා සිටියේය.

(Aruna)