Tuesday, July 01, 2025
Follow Us
ජනපති ශ්‍රීලනිපයෙන් ඉල්ලූ දේ

තවදුරටත් ආණ්ඩුවේම ඉන්න


තවදුරටත් ආණ්ඩුවේ රැඳී සිටින ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඊයේ (05 වැනිදා) ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ජනාධිපති මන්දිරයේ පැවැති සාකච්ඡාවේදීය. නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉල්ලා අස්වී සිටින රංජිත් සියඹලාපිටිය මන්ත්‍රිවරයාට එම ධුරයේ තවදුටත් රැඳී සිටින ලෙස ද ජනාධිපතිවරයා ඉල්ලා තිබේ.

එමෙන්ම ආණ්ඩුව කඩා වැටීමට හේතු මෙන්ම මුදල් අමාත්‍යාංශයේ පැවැති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡා කර ඇත. පොහොර නොමැති වීමේ ගැටලුව පිළිබඳවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරයාට කරුණු දක්වා තිබේ.

ශ්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන. මහලේකම් දයාසිරි ජයසේකර ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වී ඇත.

(Aruna)