අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේදී කැබිනට් ඇමතිවරුන් සියලු දෙනා ඉල්ලා අස්වීමට තීරණය කළ බවත්, ඊට අදාල ලිපියකට ඇමතිවරුන් සියලුදෙනා අත්සන් තැබූ බවත් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
The current economic crisis has been been messed up and has turned into a political crisis, Former Prime Minister Ranil Wickremesinghe has said.
තවදුරටත් වත්මන් ආණ්ඩුව තුළ රැඳී සිටින්නේද, නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය ගැනීමේ බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් එම පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාට පවරා දුන් බවත් ඒ අනුව සතියක් තුළ ඒ පිළිබඳ තීරණය ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බව එම පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.
සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමට රජය කටයුතු කිරීම තමන් ද අනුමත නොකරන බවත් VPN මෘදුකාංග පවද්දී මෙවැනි අවහිර කිරීම් සම්පූර්ණයෙන්ම නිශ්ඵල ක්‍රියාවක් බවත් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
සංවිධායක පක්ෂයක් නොමැතිව මිනිසුන් පාරට බහින්ට සූදානම් වෙනවා යැයි කන වැකුන සැනින් විපක්ෂයේ ඇතැම් පක්ෂ එකී අරගලයේ පැත්තක එලෙන්ට උත්සාහ කලේය.
හදිසි නීතිය දීර්ඝ කිරීමට එරෙහිව පාර්ලිමේන්තුවේ දී ඡන්දය භාවිත කරන බව සමගි ජන බලවේගය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ ඒ සඳහා සහය දක්වන ලෙස ආණ්ඩුව තුළ සිට ආණ්ඩුව විවේචනය කරන කණ්ඩායම්වලින්ද ඉල්ලීමක් කරන බවයි.
සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) යාපනයේදී පැවති විරෝධතාවක් මැදට පැන ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටීමට උත්සාහ කළ අරූන් සිද්ධාර්ථන්ට එහි සිටි කාන්තාවන්ගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
පවතින ආර්ථික හා දේශපාලන අර්බුදය විසඳීම සඳහා භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එකඟ වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
ආණ්ඩුවෙන් ඉවත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මත දෙකක් ඇති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා.
ඊයේ පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් පැවැත්විණි. පෙරේදා රාත්‍රී මිරිහානේ පැවති උද්ගෝෂණය හා ඒ ආශ්‍රිත සිදුවීම් පිළිබඳව මෙහෙදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ සමග සාකච්ඡා කර භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සතියක් තුළ කටයුතු නොකරන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා ආණ්ඩුවේ සියලු තනතුරුවලින් ඉවත්වන බව එම පක්ෂය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රමුඛ සමඟි වනිතා බලකාය විසින් අනුරාධපුර සුප්‍රසිද්ධ ඥානා මෑණියන්ගේ දේවාල භූමිය වටලා තිබෙනවා.
Page 184 of 554