Wednesday, July 02, 2025
Follow Us
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න පනතක් පාර්ලිමේන්තුවට

පවතින විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය කටයුතු කරන බව ප්‍රධාන විපක්ෂ සංවිධායක සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

විපක්ෂ නායකවරයා පැහැදිලි කළ පරිදි දෙපාර්ශවයේම කැමැත්ත මත මෙම යෝජනාව ගෙන ආ හැකි බවත්, ඒ අනුව 19 වන ව්‍යවස්ථා සංශෝධනය යළි බලාත්මක කළ යුතු බවත් ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

එමෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පනතක් ගෙන ඒමට ද විපක්ෂය කටයුතු කරන බව ඒ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

(LNW)